විදේශ සංචාර සඳහා බලපාන ජන්ම පත්‍රයේ ග්‍රහ
පිහිටීම්
විදේශගතවීම්
විවිධ අරමුණු සඳහා වේ. ඉහළ අධ්‍යාපනයක්
ලබා ගැනීමට, විනෝද ගමනක් ලෙස, විවේකය ලබා ගැනීම සඳහා, ලෙඩරෝග සුව කර ගැනීම සඳහා
මෙන්ම රැකියාවක් සඳහා විදේශගත වීම,
විදේශගත වීම්වලට හේතුවන ප්‍රධාන ලෙස සැලකෙන අරමුණු වේ. අප රටේ විදේශගත වීම් බලන විට බොහෝ විදේශ ගතවීම්
ඇති කර තිබෙන්නේ රැකියා අරමුණු කරගෙනය.
මෙය විවෘත ආර්ථික සංකල්පය මත වේගයෙන් වර්ධනය වූ අංශයක් ලෙස දැක්විය හැකිය.
අද අප අවධානයට
යොමු කරන්නේ ඔබගේ ජන්ම පත්‍රයේ සඳහන් විදේශ ගතවීම් සඳහා උචිත ග්‍රහයෝග සම්බන්ධයෙනි.
විදේශගතවීම් හා ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් අතර කරන ලද විශ්ලේෂණවලින් තහවුරු වී
ඇත්තේ, විදේශගතවී යම් යම් උපද්‍රව කරදරවලට පත්ව ඇති අයගේ ජන්ම පත්‍රවල විදේශගතවීමට
අවශ්‍ය හා සාර්ථකව විදේශ ගමන් සඳහා අවශ්‍ය කරන ග්‍රහ පිහිටීම් පිහිටා නොමැති බවය.
ජන්ම පත්‍රයක
විදේශතගවීම් සම්බන්ධව පිරික්සීමේදී වඩා වැදගත් භාවයක් වන්නේ 9 හා 12 වැනි භාවයන් දෙකයි. එසේම එම භාවයන්
දෙකම කුමන ආකාරයකින් හෝ රාහු හා ගුරු යන ග්‍රහයින් දෙදෙනාගේ කුමන හෝ ආකාරයක
සම්බන්ධයක් තිබිය යුතුය. එසේම පහත ග්‍රහ පිහිටීම් ජන්ම බලයෙන් හෝ ගෝචර බලයෙන් පිහිටා
ඇත්නම් විදේශ සංචාර සඳහා මෙන්ම විදේශගතවීම් සඳහා බලකාරක වේ.
· ගුරු හා රාහු
ග්‍රහයන් සංයෝග වී චර රාශියක පතිත වීම්, එනම් මේෂ, කටක, තුලා සහ මකර රාශියක්
පිහිටීම.
· රාහු ග්‍රහයා
12 හෝ 8 යන භාවයක බලවත් ව පතිත වීම
· ලග්නාධිපති හා
12 අධිපති බලවත් වීම
· දොළොස්වැන්නාධිපති
චර රාශයක හෝ උභය රාශියක ( මිථුන, කන්‍යා, ධනු, කුම්භ) පතිත වීම
· දොළොස්වැනි
භාවයට තුලා රාශිය වී සිකුරු ග්‍රහයා එම භාවයේ පතිත වීම
· කුජ
ලග්නාධිපති වී චර රාශිගතව පතිත වීම හා ඒ සමඟම රාහු ග්‍රහයා ධනු රාශිගතව පතිත වීම
· කුජ ග්‍රහයා
1,4,5,6,10 හා 11 යන ස්ථානයක බලගතව තැන්පත් වීම
· කේන්ද්‍ර
සටහනේ 2,3,5,9,11 හා 12 චර රාශියක් වී එම භාවවල රාහු, රවි, සඳු, සිකුරු, ගුරු, ශනි
පතිත වීම
· කේනද්‍ර සටහනේ
කේන්ද්‍රස්ථානයක ගුරු ග්‍රහයා භාවගතවී බලවත් වීම හා 7,8 ස්ථානවල ශුභ ග්‍රහයින්
තැන්පත් වීම
· රාහු ග්‍රහයාගෙන්
දොළොස්වැන්නේ ගුරු භාවගතවීම 5 හෝ 9 ස්ථානයක බුධ ග්‍රහයා තැන්පත් ව ගුරු ග්‍රහයා
ලග්නගත වීම
· ලග්නයේ රාහු
හා ගුරු ද, 4,7,10 යන භාවයක රවි, සදු භාවගත වීම
ජන්ම බලයෙන් හෝ ගෝචර බලයෙන් ඉහත සදහන් කළ ග්‍රහයෝග
පවතින විට රාහු ගේ හෝ සෙනසුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් හෝ සඳු අතුරු දශාවක්
ලබා ඇත්නම් එකී අවස්ථාවලදී විදේශගතවීම් සදහා උපරිම ග්‍රහ බලය හා ශක්තිය ලබා දේ.
No comments:
Post a Comment